Ishanka Ranatunga

Software Engineer | Tech Geek

Ruhunu Millennium Leosලාගේ මාසික හමුව…

අද දවසෙ දෙවැනි post එක… 😉

ඊයේ රෑ අපේ ගෙට් එකෙන් පස්සේ කස්ටිය රෙස්ට් කරලා අද හවස ආයෙම සෙට් උනා…කස්ටිය කිවුවට ඉතින් ඔක්කොම අය නෙවෙයි, මාතර රුහුණු මිලේනියම් ලියෝ ක්ලබ් එකේ අය විතරයි…මේ සැරේ meeting එක තිබුනේ මාතර සාන්ත මරියා දෙව්මැදුරෙ hall එකක..දෙව්මැදුරෙ හිටපු සහෝදරයෙක් අපිට උදව් කලා අපේ meeting එක තියන්න..

අද ඇවිත් හිටපු අය...

අද ඇවිත් හිටපු අය…

අද meeting එකට මලිත්, පෙමිත්, ශානුක්, තිලූක, අමිත් අයියා,ලක්ෂිත, අකිල සහ අසිරි ඇවිත් හිටියා…ශානුක් සහ තිලූක අද අලුතෙන් අපිත් එක්ක එකතු වුන සාමාජිකයන්..අපේ LEO Club එකේ president තමයි පෙමිත්…එතකොට මලිත් කියන්නෙ secretary…සමහර අයට ඉතින් අද එන්න බැරි වුනා එක එක වැඩ නිසා…

Pemith (left) & Malith (right)

පෙමිත් (වම) & මලිත් (දකුණ)

මේ සැරේ අපි පොඩි දෙයක් සංවිධානය කරන්න කතා වුනා…ඒ ගැන දැන්ම කියන්න බෑ…එතකොට කිසි ගතියක් නැති වෙනවනෙ…ලොල්.. 😛 ඒ සංවිධානය කරපු දෙයට ඇවිත් හිටපු හැමෝගෙම කැමැත්ත ලැබුනා..

අමිත් අයියා අපි සංවිධානය කරපු ‘දෙය’ තියන්න තැනකුත් යොජනා කලා..අපිට එතන බලන්න හිතුනා ඒක ගැන කියපු විදියෙන්..ඉතින් අපි ගියා place එක බලන්න meeting එකේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා…

මම එතනට ගියපු හැටියම ගොඩාක්ම ලස්සන සිත්ගන්නා සුළු,අපේ වචනයෙන් කිවුවොත් පට්ටම පට්ට scenery එකක් දැක්කේ..අපි හැමොම දැක්කා..හැමොගෙන්ම කටින් ඒ වෙලාවෙ පිට වුන එකම වචනය ඉතින් “පට්ට” තමයි… 😀

කොහොමහරි අපි ඒ ගියපු තැන ඉන්නකොට වෙලාව යනවා තේරුනේ නෑ…එතනින් යන්න කලින් මම අපේ කස්ටියගෙ (අදුරු 😀 ) photo එකක් ගන්න අමතක කලේ නෑ…

අදුරුයි...

අදුරුයි…

අපි සංවිධානය කරන දෙය තියෙන්නේ ලබන මාසයේ…එදාට ඔයාලත් එන්න LEO කෙනෙක් විදියට අපේ club එකට බැදිලා සමාජයට මෙහෙවරක් කරන්න ආසනම්…එදාට අපේ ක්ලබ් එකට අලුතෙන් සාමජිකයන්/සාමාජිකාවන් බධවා ගන්නවා…එදාට එනවනම් කලින් දැනුම් දෙන්න පහල තියන ක්‍රමයකින්.. 🙂

වැඩි විස්තර…

facebook – RuhunuMLeo

twitter – RuhunuMLeo

පෙමිත් – 0713366766

මලිත් – 0713166508

WordPress App | මෙහෙමයි මම blog එක ලියන්නේ…

This is the WordPress app for android… This app brings all the facilities in wordpress.. It makes us easy to write blog posts.. Try it..Feel it.. 😛

මේ තමයි වර්ඩ්ප්‍රෙස් ඇප් එක.. pc එකෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් හදනවා වගේ හැම පහසුකමක්ම තියනවා.. ඔයාලාම ට්‍රයි එකක් දීලා බලන්නකෝ… 🙂

දැන් රෑ 12ත් පහු වෙලා.. 😀 😛 මම යනවෝ.. ආයේ සෙට් වෙමු අලුත් පෝස්ට් එකකින්.. 0:)

 

©Ishanka Ranatunga