Ishanka Ranatunga

Software Engineer | Tech Geek

Ruhunu Millennium Leosලාගේ මාසික හමුව…

අද දවසෙ දෙවැනි post එක… 😉

ඊයේ රෑ අපේ ගෙට් එකෙන් පස්සේ කස්ටිය රෙස්ට් කරලා අද හවස ආයෙම සෙට් උනා…කස්ටිය කිවුවට ඉතින් ඔක්කොම අය නෙවෙයි, මාතර රුහුණු මිලේනියම් ලියෝ ක්ලබ් එකේ අය විතරයි…මේ සැරේ meeting එක තිබුනේ මාතර සාන්ත මරියා දෙව්මැදුරෙ hall එකක..දෙව්මැදුරෙ හිටපු සහෝදරයෙක් අපිට උදව් කලා අපේ meeting එක තියන්න..

අද ඇවිත් හිටපු අය...

අද ඇවිත් හිටපු අය…

අද meeting එකට මලිත්, පෙමිත්, ශානුක්, තිලූක, අමිත් අයියා,ලක්ෂිත, අකිල සහ අසිරි ඇවිත් හිටියා…ශානුක් සහ තිලූක අද අලුතෙන් අපිත් එක්ක එකතු වුන සාමාජිකයන්..අපේ LEO Club එකේ president තමයි පෙමිත්…එතකොට මලිත් කියන්නෙ secretary…සමහර අයට ඉතින් අද එන්න බැරි වුනා එක එක වැඩ නිසා…

Pemith (left) & Malith (right)

පෙමිත් (වම) & මලිත් (දකුණ)

මේ සැරේ අපි පොඩි දෙයක් සංවිධානය කරන්න කතා වුනා…ඒ ගැන දැන්ම කියන්න බෑ…එතකොට කිසි ගතියක් නැති වෙනවනෙ…ලොල්.. 😛 ඒ සංවිධානය කරපු දෙයට ඇවිත් හිටපු හැමෝගෙම කැමැත්ත ලැබුනා..

අමිත් අයියා අපි සංවිධානය කරපු ‘දෙය’ තියන්න තැනකුත් යොජනා කලා..අපිට එතන බලන්න හිතුනා ඒක ගැන කියපු විදියෙන්..ඉතින් අපි ගියා place එක බලන්න meeting එකේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා…

මම එතනට ගියපු හැටියම ගොඩාක්ම ලස්සන සිත්ගන්නා සුළු,අපේ වචනයෙන් කිවුවොත් පට්ටම පට්ට scenery එකක් දැක්කේ..අපි හැමොම දැක්කා..හැමොගෙන්ම කටින් ඒ වෙලාවෙ පිට වුන එකම වචනය ඉතින් “පට්ට” තමයි… 😀

කොහොමහරි අපි ඒ ගියපු තැන ඉන්නකොට වෙලාව යනවා තේරුනේ නෑ…එතනින් යන්න කලින් මම අපේ කස්ටියගෙ (අදුරු 😀 ) photo එකක් ගන්න අමතක කලේ නෑ…

අදුරුයි...

අදුරුයි…

අපි සංවිධානය කරන දෙය තියෙන්නේ ලබන මාසයේ…එදාට ඔයාලත් එන්න LEO කෙනෙක් විදියට අපේ club එකට බැදිලා සමාජයට මෙහෙවරක් කරන්න ආසනම්…එදාට අපේ ක්ලබ් එකට අලුතෙන් සාමජිකයන්/සාමාජිකාවන් බධවා ගන්නවා…එදාට එනවනම් කලින් දැනුම් දෙන්න පහල තියන ක්‍රමයකින්.. 🙂

වැඩි විස්තර…

facebook – RuhunuMLeo

twitter – RuhunuMLeo

පෙමිත් – 0713366766

මලිත් – 0713166508

අපේ set එක… | Rahal ’12 Get-Together 2014

 

අෆ්ෆේ… ඊයේ රෑ තමා රෑ…

කාලෙකට පස්සේ අපේ ඉස්කෝලේ 2012 A/L batch එක සෙට් උනා ඊයේ,ඒ අපේ සෙට් එකෙන් oraganize කරපු get together එකෙන්.. පටන් ගන්න නම් තිබුනෙ හවස 5ට.. ඒත් පටන් ගන්නකොට නම් 7 විතර උනා.. දන්නවනේ ඉතින්,අපේ කට්ටිය හරියට වෙලාවට වැඩ කරන අයනේ.. මම තව යාලුවෙක් එක්ක ගියේ.. අපි ඉතින් කස්ටියගෙ වැඩ දන්න නිසා අපි ගියෙත් 6.30ට විතර… ලොල්.. 😀

අපේ සෙට් එක,ඒ කියන්නේ Rahal ’12 සෙට් එකහැමදාමත් කලේ වෙනස් දෙයක්,වෙනස් විදියකට…මේ සැරේ අපේ ගෙට් එකේ theme එක වෙලා තිබුනේ හෝලි උත්සවය..ඔයාලා දන්නවනේ ඉතින් හෝලි උත්සවය ගැන..අර පාට නාගන්නේ,පාට එකිනෙකාට ගහ ගන්නේ,අන්න ඒක..හිංදි film වල ඔයාලා දැකල තියනවනේ..ඒක නිසා ගෙට් එක නම් කරල තිබුනේ De Holi Night කියලා..

කොහොම කොහොම හරි කස්ටිය සෙට් උනා..හැබැයි ගිය පාරට වඩා නම් අඩුයි..මොකද දැන් ගොඩක් අය job කරනවා,ඉගෙනීම් කටයුතු වලට දුර ගිහින්..කොහොමහරි ටිකට් එක ටිකක් ගණන් ඉතින්.. 😀 😉

ඔන්න ඉතින් සභාව රැස් වෙලා,ආගම සිහි කරල,වැඩ පටන් ගත්තා..කොහොම හරි පොල් තෙල් පහන් ටික දල්වන්න කස්ටිය ස්වෙච්චාවෙන් එන්න කිවුවම,කස්ටිය ඇබරෙන්න ගත්තා. අපේ පණ්ඩුක සහෝදරයා,ඒ කියන්නේ ප්‍රධාන සංවිධායක,ලැජ්ජාවෙන් ඉන්න සෙට් එකෙන් ටික දෙනෙක්ට කතා කරල අන්තිමේදි පත්තු කරා පහන්.. 😀

කස්ටිය කෑම කන ගමන්,සෙට් වෙලා පාසල් කාලේ සුන්දර මතකයන් අවදි කර කර හින වෙවී කාලය ගෙවුනා..මටත් ගොඩාක් යාලුවො හම්බවුනා කාලෙකට පස්සේ…

කෑම කාලා හොදට බඩ කට පුරව ගතු කට්ටිය ටික වෙලාවක් යනකොට form උනා..වෙන මොහොකටවත් නෙවෙයි,DJ එකට..DJs ලා දෙන්නෙක්ගේ battle එකක් තිබුනෙ..ඉතින් කස්ටිය හරි හරියට නැටුවා,මතකයන් අතරට දාගන්න කියල සෙට් එකේ photos ගත්තා හිතුනු හිතුනු විදියට..

ඔන්න ටික වෙලාවකට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් එනව පාට නාගෙන..එත්කොට තමයි දැන ගත්තේ ඔන්න හරියටම දැන් තමයි කුඩු වැඩේ පටන් ගෙන තියෙන්නේ කියලා..අතින් අතිට පාස් වුන පාට පාට හෝලි කුඩු පාර්සල් වලින් කට්ටිය කුඩු බෙදාගෙන කුඩු නෑවා..මම යාන්තම් බේරිල ඉන්නකොට කොහෙන්දෝ ආපු කුඩු වැස්සකටම අහු උනා..කොහොමහරි අන්තිමේදි මමත් හොදට නාගත්තා..

කස්ටිය රෑ 12,1 විතර වෙනක්ම් ෆන් ගත්තා ඉතින්..ඒ කරපු වෙනස් වැඩේ කස්ටියගෙ හිත්වලට හොදට අල්ලා ගියා…සමහර පාසල් වල get නිකන් නමට තියනවා..හැමදාම එකම විදිය..මෙලෝ රහක් නෑ…තවත් සමහර පාසල් වලට get එකක් තියන්න මතක් වෙන්නෙ අපේ get එක සහ theme එක ගැන ඉගි කරල fb එකේ පෝස්ට් දානකොට…කොහොමහරි එයාල ගෙට් එකක් සංවිධනය කරන්න කතා කලත් ඒක කරගන්න වෙන්නෙ නෑ…පව් ඉතින් එයාල නේද? ලොල්.. 😛 😀

තියන සියලුම බාධක ජය අරන් අපේ සෙට් එක එකතු කරගෙන කොහොමහරි පට්ට විදියට ගෙට් එක කරන අපේ පණ්ඩුක , සශේන් , අශේන් සහ අනෙක් සහය දුන්නු ඔක්කොම අපේ කොල්ලො ටිකට මගේ,අපේ සෙට් එකේ ඔක්කොම වෙනුවෙන් ස්තූති කරනවා…ඒ සෙට් එකේ සංවිධනය ඉතාමත් හොද නිසා තමයි අපි ආයේ ආයේ එයලව පත් කලේ සංවිධායක වරුම් විදියට… මොනව උනත් උබලා කරන්නේ පට්ට වැඩක්.. ස්තූතියි..

©Ishanka Ranatunga

WordPress App | මෙහෙමයි මම blog එක ලියන්නේ…

This is the WordPress app for android… This app brings all the facilities in wordpress.. It makes us easy to write blog posts.. Try it..Feel it.. 😛

මේ තමයි වර්ඩ්ප්‍රෙස් ඇප් එක.. pc එකෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් හදනවා වගේ හැම පහසුකමක්ම තියනවා.. ඔයාලාම ට්‍රයි එකක් දීලා බලන්නකෝ… 🙂

දැන් රෑ 12ත් පහු වෙලා.. 😀 😛 මම යනවෝ.. ආයේ සෙට් වෙමු අලුත් පෝස්ට් එකකින්.. 0:)

 

©Ishanka Ranatunga

පළමුවැනි post එක (1st post)

ආයුබෝවන්ඩ..

මේ මගේ පළවෙනි පෝස්ට් එක…මම ඉෂංක රණතුංග…මට 21යි…මම ඉන්නේ මාතර…

මම නිකමට වගේ මගේ phone එකට බ්ලොග්ර් එකයි වර්ඩ්ප්‍රෙස් එකයි install කරගත්තා (නිකන් ඉන්නම බෑ නේ… 😛 😀 )…ඒක නිසා හිතුවා නිකමට වගේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න… ඉතින් ලිවුවා…

ම්ම්ම්…පළවෙනි පෝස්ට් එක නිසා වැඩිය කියන්න දෙයක් ඇත්තෙත් නෑ… දැනට ඉවරායි… 😀